දකින දන්න කියවන දේ

ජීවිතය යනු ඒකාකාරී ගමනක් නොවේ ඔබට විවිද විට හැරෙන්නට සිදුවෙයි අපි වංගු ලෙස ඒවා හඳුන්වයි. ජිවිත වංගුවේන් හැරෙන විට මෙහි සමහර දේ වැදගත්වනුඇති බව සිතමි

LightBlog
Responsive Ads Here

Saturday, February 23, 2019

කොටස්කො වෙළෙඳපොල ගනුදෙනු කරන කොටස් (Shares)කියන්නේ මොනවද ?

සමාගමක් තමන්ගේ කොටස් මිනිස්සුන්ට විකුණන්න හේතුව තමයි සමාගමමේ වර්ධනය අවශ්‍ය මුදල් සපයා ගැනීම.ඒ කියන්නේ ප්‍රාග්ධනය සපයා ගැනීම.අපි මෙහෙම හිතමු බිස්කට් හදන සමාගමකට අවශ්‍ය වෙනවා නව කර්මාන්ත ශාලාවක් හදන්න ඔවුන් කරන්නේ ආයතනයේ සම්පුරණම අයිතිය හරි නැත්නම් ආයතනයේ  අයිතිනෙ යම් ප්‍රමාණයක් හරි මහනජතාවට අලෙවි කරන එක.එතකොට ඒ එන මුදලෙන් ඔවුන්ට නව කර්මාන්ත ශාලාව හදාගන්න පුළුවන්.

 ඉතින් මේ කොටස් වෙළෙඳපොලේ ගණුදෙනු කරන කොටසක් කියන්නේ යම් ආයතනයක ප්‍රාග්ධනයෙන් කෑල්ලක් තවත් සරලව කිවොත් ආයතනයේ වටිනාකමෙන් කෑල්ලක් තමයි කොටසක් විදිහට හඳුනාගන්නේ කියලා ඔබට පැහැදිලි ඇති.

මේක තවත් සරලව පැහැදිලි කරන්නම් .ඔයා ඉන්න ගෙදර වටිණාකම ලක්ෂ 100ක් නම් ඒ ගෙදර වටිනාකම කොටස් දහයකට  බෙදුවොත් එක කොටසක වටිනාකම වෙන්නේ ලක්ෂ 10.

ඉතින් ඔයා මේ ලක්ෂ දහයක් උන එක කොටසක් තව කෑලි 20ට බෙදුවොත් එක කෑල්ලක වටිණාකම වෙන්නේ රුපියල් 50000ක්. ඔයා මේ ලක්ෂ 10 කෑලි20ට බෙදලා එක කෑල්ලක් රුපියල් 50000ස බැගින් විසිදෙනෙකුට විකුණලා එන මුදලෙන් තමන්ගේ ගෙදර කාමර කිහිපයක් වැඩි දියුණු කරලා ඒවා බෝඩිමක් කරණවා එතකොට ඔයාට මාසේ ගානේ කුලියක් එනවා.ඔයා ඒ කුලී ආදායම එකතු කරලා අවුරුද්ද අවසානයේ ලැබෙන ලාභය අර 20 අතර සමව බෙදලා දෙනවා .ඒවාට අපි කියනවා ලාභාංශ කියලා (Dividends).

ඉතින් යම් වෙලාවක ඔයාගේන කොටස් ගත කෙනෙක්ට මුදල් අවශ්‍යතාවයක් ඇවිල්ලා ඒ කොටස විකුණනවා රුපියල් 49000ට අන්න එතකොට එතන කොටස් ගනුදෙනුවක් වෙලා තියනව.හැබැයි ඒ කොටස ගත් කෙනාට එයාගේ අයිතිය කියාගෙන ඇවිත් ඔබගේ ගෙදර පදිංචි වෙන්න බෑ එයාට පුළුවන් වාර්ෂිකව ලැබෙන ලාබය බුක්ති විදින්න විතරයි .

(කොටසක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි ඇති අපැහැදිලිනම් කමෙන්ට් ශේෂන් එකේ කමෙන්ට්  කරන්න තේරුම් කරලා දෙන්නම්)

No comments:

Post a Comment