කාලයක් කොටස් වෙළෙඳපොල සම්බන්ද ආයතනයක රැකියාවක් කළා පස්සේ කොටස් වෙළෙඳපොල ගැන විවිද අකාරයෙන් ඉගන ගත්තා කාලයක් මේ ගැන පත්තරවලට ලීවා මේ එක එක හේතු නිසා ගොඩක් අය නිතරම අහන දෙයක් කොහොමද කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන්නේ කියන එක.ඉතින් මේ බ්ලොග් අඩවියේ මූලිකම උවමනාව කොටස් වෙළෙඳපොල පිළිබඳව මම දන්නා පොඩ්ඩ ලියලා තියන එක.
කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන්න ආස කෙනෙක් ඉන්නවනම් මේ වචන වැදගත්කමක් ලැබේවි සාර්ථක ආයෝජකයෙක් වෙන්න.ඉතින් මුලින්ම මේකේ ඉතිහාසය කියලා ඉන්නම් ඒ මේවා ගැන හොයන කෙනෙක්ට ඉගෙනගන්න.
1896 වර්ෂයේ තමයි මුලින්ම සීමාසහිත පොදු සමාගම් වල කොටස් ගනුදෙනු කරන්න කොළඹ කොටස් තැරැවූ කරුවන්ගේ සංගමය පිහිටුවාගන්නේඒකට ඉංග්‍රීසියෙන් කිවේ Colombo Share Brokers' Association- (CSBA) කියලා. කොළඹ කොටස් වෙළෙඳපොල Colombo Stock Exchange 1985 අංක 17 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කරන්නේ 1985දී .1984 ජුලි මාසේ මහාජනතාවට කොටස් මිලදී ගැනීමේ හැකියාව ලබාදීලා තියනව.ඒ අනුව 1985 තමයි ලංකාවේ කොටස් වෙළෙඳපොල නිල වශයෙන් ආරම්බ කල වර්ෂය විදිහට සලකන්නේ.
සමාගම්වල ප්‍රාග්ධන අවශ්‍යතා ඒ කියන්නේ සමාගම් වැඩිදියුණු කිරීමේදී අවශ්‍ය මුදල් සපයා ගැනීමට මහජනතාවගේ ඉතුරුම් යොමුකිරිමේ අරමුණෙන් තමයි මේය පිහිටුවාගෙන තියෙන්නේ.
ප්‍රතිපත්ති හා ආර්ථික සැලසුම් අමාත්‍යශය යටතේ ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් Securities and Exchange Commission - SEC තමයි අද වෙනකොට මෙය නියාමනය වෙන්නේ.


No comments:
Post a Comment