දකින දන්න කියවන දේ

ජීවිතය යනු ඒකාකාරී ගමනක් නොවේ ඔබට විවිද විට හැරෙන්නට සිදුවෙයි අපි වංගු ලෙස ඒවා හඳුන්වයි. ජිවිත වංගුවේන් හැරෙන විට මෙහි සමහර දේ වැදගත්වනුඇති බව සිතමි

LightBlog
Responsive Ads Here

Wednesday, May 15, 2019

මෙය ලියා තැබිය යුතුම මොහොතකි


පාඨලී චම්පික රණවක පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකළ රැඩිකල් ඉස්ලාම් අන්තවාදී කල්ලි කණ්ඩායම් පිළිබඳව මුලින්ම සඳහන් කරන්නේ .ඉස්ලාම් අන්තවාදයේ අතීතය වර්ථමාන අනාගතය අල් ජිහාද් අල කයිදා පොත හරහාය.ඒ 2003 වර්ෂයේය.ඉන්පසු එහි එඩිට් සහිතව 2009 වර්ශයේත් 2014 වර්ශයේත් ලියා තැබුවේය.අද ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අපිට ලෙක්චර් දෙන බොහෝ දෙනා ඒ වනවිට එහෙම එකක් ආසාවත් නැත.
එම කෘතිය පළමු මුද්‍රණය දවස් කිහිපයකින් අවසන් විය එය සොයාගනිමටවත් නැති විය.එක අන්තවාදී පිරිසක් විසින් ඒ කෘති සියල්ලම මිලදීගෙන
ගිනිතබා විනාශකර තිබුණි.
එම කෘතියේ පැහැදිලිව රැඩිකල් මුස්ලිම් අන්තවාදයේ ව්‍යාප්තිය සාහා එම අන්තවාදය විසින් සාමාන්‍ය මුස්ලිම් ජනයා ගිලගන්නා අන්දමත් නිහඩ කරන අන්දමත් පැහැදිලිව දක්වා ඇත.
එම කෘතිය සහා ඉන් පසුව සමාජය දැනුවත් කල නිසාත් පාඨලී චම්පික රණවකට මැතිවරණ ව්‍යාපාරය වලදී බොහෝ අවස්ථාවල ඔහු සිටි පාර්ශවයට විරුද්ධ පාර්ශවයන් අන්තවාදියා ජාතිවාදියා ලෙස ඇමතීම සමනය දෙයක් විය.අද ඔය බුදුවීමට ඔන්න මෙන්න සිටින මවුලවිලාද එදානම් එම පොතේ අන්තර්ගතය කියවා තම සමාජය අන්තවාදයෙන් ගලවාගැනීම වෙනුවට කලේ ඒ අන්තවාදය පිළිබඳව කතා කල චම්පිකට ගල් ගැසීම පමණි.මහින්දලා මහා දේශප්‍රේමින් ජාතිකවාදීන් ලෙස හඳුන්වන බොහෝ පිරිස් අල ජිහාඩ් අල කයිදා පොත මෙන්ෂන් කරමින් ජාතිවාදය ඇවිස්සීමට මුලික වූ බව කී වාර අනන්තය අප්‍රමාණය.දේශපාලන උවමනාවන්ට තෙල් දෙනියේ සහා අම්පාරේ ගැටුම් ඇතිකල විමල් විරවංශ ඇතුළු පිරිස උස හින්දෑරි ජෙහාන් කියමින් ඔය ක්රිතිය ලිවිම නිසාම ජාතිවාදය ඇතිකළ බව කියමින් අපහාස කළා ඔබට මතක ඇත.
සමාජයක් තුල නිර්මාණය වන විනාශකාරී ලක්ෂණයක් මුලින් හඳුනාගෙන එය පිළිබඳව දැනුවත් කරන විට ගල් මුල් එල්ලවීම ස්වභාවික දෙයක් බවත් ලෝකය ගෝලාකාර බව කියූ මිනිසුන්ට වස බිමට සිදුවූ බවත් අපහට කීවේද චම්පිකමය.
පසුගිය දවස් කිහිපයේ පාඨලී චම්පික රණවක ඉලක්කකොටගෙන විශාල මඩ ප්‍රහාර ඉතා සංවිධානාත්මක දියත්කරන බව අපි බලාසිටියෙමු.මහින්දට නැවත ජනපති වීමට බැරි නිසා මේ දෙකෝටි දසලක්ෂයක පිරිස අතරින් ලංකාවේ ජනපතිව්මට එකම සුදුස්සන් පිරිස මැදමුලන වලවුවේ රාජපක්ෂ වරුන් පමණක් බව සිතන වහළුන් පිරිසක් විසින් ඔසවාගෙන පැමිණෙන ඇමරිකන් පුරවැසියෙකු වෙනුවෙන් පෙනීසිටින පිරිස මේ මඩ බලකායේ සාමාජිකයන් බව හඳුනාගන්නට හැකිය.
තමන්ගෙන් ගිලිහුණු කිරුළ නැවත ලබාගැනීමට භාදාවක් වන සියල්ලන් මඩ ගස විනාසකර නැවතිය හැකි බව සිතන්නට තරම් ඔවුන් බොලඳ ළදරුවන් වීම අපහට සතුටට කාරණාවකි.
සිංහල වීමටත් බෞද්ධ වීමටත් එකම සුදුසුකම රාජපක්ෂ වලවුවේ වලන් සේදීම බව සිතීම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයි.රාජපක්ෂලා සිංහල හෝ බෞද්ධ නොවන බව ඔවුන් බොහෝ දෙනා දන්නේ නැත.
අප පවුලම උග්‍ර මහින්දවාදීන් වන විට මම ඒ දෙසට නොගොස් පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාලනය දෙසට හැරුණේ මට ලැබුණු වරදානයක් හෝ විශේෂ වරප්‍රසාදයක් හෝ නිසා නොවේ.අප අද මේ තැන සිටින්නේ නිදහස් අද්‍යාපනයට පින්සිදුවන්නය.එම නිදහස් අද්‍යාපනය ලබාගැනීමට උදවුකලේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල්ය.එම බදු මුදලට සාදාරණයක් ඉටුවන්නේ බදුගෙවන ජනතවට සාදරණයක් කළහැකි වන්නේ ඔවුන්ත් තුලින් බිහිවූ උගත් බුද්ධිමත් දේශපාලනික නායකයෙකු බිහිවීම තුලින් පමණි.
බුලත්සිංහල ගමේ ඉපදී එම ගමේ හැදී වැඩි කන්නගර මහතා ලබාදුන් නිදහස් අද්යපනයට පින් සිදුවන්න කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින් ගණිත අංශයෙන් මොරටුව සරසවියට ගොස් එහිදී පළමු පන්තියේ ඉංජිනේරු උපාදිය ලබා විදෙස් ගතවී අවශ්‍යනම් විශාල වැටුපක් ලබමින් සැප ජිවිතයක් ගතකිරීමේ හැකියාව තිබියදී ගොහොරුවක් වූ ලංකාවේ දේශපාලනයට බැස තමාට ලැබෙන ඕනෑම අමාත්‍යාංශයක් ඉතාම නිවැරදිව හසුරුවා රටේ ජනතවට ලාබය ලබාදෙමින් ඔහු කරණු ලබන පරිපාලන කාර්යත් ජනතාව නිවැරදි දිශාවට හරවමින් ඔහු කරනු ලබන දේශපාලනික කර්යත් සලකා බලන විට සාධාරන ඕනෑම මිනිසෙකුට තේරෙන එකම දෙයකන් ඔහු මේ රටේ නායකත්වය සුදුස්ස බවයි.
Ceylon National Congress පක්ෂයේ අචාර්ය C.W.W කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාරලිමෙන්තුවට ගෙන එනවිට එකල නිදහස් පක්ෂයේ නායකයා ඌ බණ්ඩාරනායක මහතා ඇසුවේ ඔබ හදන්නේ අපේ ගස් ගෙඩියක් කදගන්නටත්ව එකෙක් නැතිකරන්නද කියායි.ඒ මේ රටේ පාළනයට සාමාන්‍ය ජනයා තුලින් උගත් මිනිසුන් බිහිවී ඔවුන්ගේ වලවූ පන්තියට හනිවේය යන බිය නිසාය.
ගස් ගෙඩි කඩන උන් අහිමිවෙය යන බිය පිළිබඳව පවසන මොහොතේත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ පියා එම බණ්ඩාරනායකගේ පක්ෂයේම නායකයෙකි.එසේම එදා සිටම උගත් බුද්ධිමත් සාමනය ජනයාගේ තුලින් නායකයෙකු ලංකා දේශපාලනයේ බිහිවී නැත .අහම්බෙන් සාමාන්‍ය ජනයා තුලින් මතුවූ කිහිපදෙනාද කිසිඳු උගත්කමක් නොමැති පාලනය ගලපාගනිමට නොහැකි පුද්ගලයින්ය.එම විනාසයේ ප්‍රතිපල වර්තමානයේ අපි විදිමින් සිටිමු.
පසුගිය අවුරදු දහය දෙස බලනවිට රාජපක්ෂ වරුන් ඔවුන්ගේ පක්ෂයෙන් හෝ වෙනත් කිසිඳු පක්ෂයකින්පු කිසිඳු ද්ගලයෙකුට නැගීසිටීමට අවස්තාවක් දී නැත .සියළු මාද්‍ය මිලට ගෙන ඔවුන් ලවා සිය ප්‍රශස්ති ගායනයෙන් ජනතව මුලාකර තම පවුල පමණක් එකම ගැලවුම් කරුවන බවට සිතන්නට ජනත්වම පොලඹවා ඇත.
දැන් එම වලවුවට දරදිය ඇදීම මහා සතුටක් බව පෙන්වා ඔවුන්ට බහියෝගයක් වන සියල්ලන්ටම එම සාමාන්‍ය ජනයා හරහාම මඩ ගසමින් පවතී.ඌරාගෙ මාළු ඌරාගේ පිටේම තබමින් කපමින් පවතී.
අප වෙනස්විය යුතුය අපේ රට අපිව දන්නා මිනිසුන් මගින් පාළනය විය යුතුය සමාජ ක්‍රමය නිවැරදිව හැඩගැස්විය හැක්කේ එම ක්‍රමයේ ප්‍රහසන හඳුණන සහා උත්තර ඇති මිනිසුන්ට පමණි.මේ අපේ කාලය සහා අපේ අවස්ථාවයි.

No comments:

Post a Comment